රුසියාවට එරෙහි සම්බාධක නිසා තෙල් මිල ඉහළ යාමේ අවදානමක් | ලංකා සයිබර් නිවුස්

September 16, 2014 8:15 AM

15 0

බටහිර විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැණවීම සමග ලිබියාවේ දේශපාලන අස්ථාවරත්වය සහ ඉරාකයේ අයිසිස් සටන්කාමීන්ගේ වර්ධනය එක්වූ විට තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතැයි බි‍්‍රටිෂ් පෙට්‍රෝලියම් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක ටෝනි හේවර්ඞ් පවසා තිබේ.

මේ වන විට ග්ලෙන්කෝර් එක්ස්ට‍්‍රාටා සමාගමේ සභාපතිත්වය දරන ඔහු දක්වා ඇත්තේ ඇමරිකාවේ ශල්ක ඉන්ධන විප්ලවය මගින් ලෝක ඛනිජ තෙල් සැපයුම පිළිබඳ යථාර්ථවාදී නොවන පිළිබිඹුවක් නිර්මාණය කර ඇති බවයි.

ද්‍රව මගින් පොළව සිදුරු කිරීමේ තාක්ෂණය භාවිතාවේ නැගීම 2008 පමණ සිට ඇරඹුනු අතර එමගින් ඇමරිකානු ඛනිජ තෙල් නිපැයුම 60%කින් පමණ වර්ධනයවී තිබේ.

උතුරු ඇමරිකාවේ මෙම පෙරළිය බලශක්ති ආරක්ෂණය පිළිබඳ ව්‍යාජ චිත‍්‍රයක් මවන බවත් ඇමරිකාවේ ශල්ක ඉන්ධන නිස්සාරණය උපරිම අවස්ථාවට පැමිණි පසු සිදුවන්නේ කුමක්ද යන්න කිසිවකු නොසිතන බවත් හේවර්ඞ්ගේ අදහසයි.

පසුගියදා පණවන ලද සම්බාධක මගින් රොස්නෙෆ්ට්, ට‍්‍රාන්ස්නෙෆ්ට්, ගැස්ප්‍රොම් සහ ලූක්ඔයිල් යන රුසියානු ඛනිජ තෙල් සමාගම් වලට ගැඹුරු මුහුදේ, ආක්ටික් සයුරේ හෝ ශල්ක නිධි කැණීමේදී ඇමරිකානු සහ යුරෝපීය තාක්ෂණය ලබාගැනීම අවුරා ඇතැයි වාර්තා වේ.

මෙමගින් එම සමාගම් සමග සමීප සබඳතා ඇති එක්සොන් මොබයිල්, බි‍්‍රටිෂ් පෙට්‍රෝලියම් සහ ෂෙල් වැනි බටහිර සමාගම්ද අර්බුදයට පත්වනු ඇතැයි පැවසේ.

ஆதாரம்: lankacnews.com

வகை பக்கம்

Loading...