රුසියානු ආක්ටික් බිම්වල තෙල් කැණීම තහනම් කිරීමේ සූදානමක් | ලංකා සයිබර් නිවුස්

September 16, 2014 10:32 AM

27 0

දැවැන්ත බලශක්ති සමාගම් විසින් රුසියාවට ආයත් ආක්ටික් තෙල් බිම්වල කැණීම් කටයුතු තහනම් කිරීම සඳහා සම්බාධක පැණවීමට ඇමරිකාව සහ යුරෝපා සංගමය සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

බ්ලූම්බර්ග් පුවත්සේවය වෙත අදහස් දැක්වූ ඇමරිකානු නිලධාරීන් තිදෙනෙක් පවසා ඇත්තේ රුසියානු ආක්ටික් සමුද්‍ර, ගැඹුරු මුහුදු සහ ශල්ක නිධි තෙල් බිම් වල කැණිම් කටයුතු මෙමගින් වාරණය කෙරෙනු ඇති බවයි.

රුසියාවට නව සම්බාධක පැණවීම් සඳහා අවසන් තීරණය ගැනීමට යුරෝපා සංගමය මෙතෙක් සමත්වී නොමැති අතර සාමාජික රාජ්‍යයන් 28හි තානාපතිවරුන් අතර සාකච්ඡ ක‍්‍රියාත්මක වෙමින් ඇතැයිද පැවසේ.

එක් නිලධාරියකු පවසා ඇත්තේ ක‍්‍රියාවට නැංවුනහොත් රුසියාව වෙත සංවේදී තාක්ෂණයන් හා සේවා ලබාදීමද තහනම් කෙරෙනු ඇති බවයි.

එමෙන්ම නව සම්බාධක මගින් සාම්ප‍්‍රදායික තෙල් බිම් වල සහ අභ්‍යන්තර මුහුදුවල ගැඹුරු කෙළවරවල් වල කැණ ඇති තෙල් ළිං මගින් සිදුකරන නිෂ්පාදනයන් වෙත බාධා නොකෙරෙනු ඇති බවද ඔහු පවසා ඇත.

ඒ වෙනුවට වසර 5-10 අතර කාලයක් තුළ තෙල් නිපැදවීම සිදුනොකෙරෙන කැණිම් කටයුතු නැවැත්වීම මෙහි ඉලක්කය වන බව පැවසේ.

එක්සන් මොබයිල්, ෂෙල් සහ බි‍්‍රටිෂ් පෙට්‍රෝලියම් වැනි බලශක්ති දැවැන්තයන් රුසියානු තෙල් නිපැයුම් ක්‍ෂේත‍්‍රය තුළ සිදුකර ඇති ආයෝජනයන් මෙම සම්බාධක මගින් ඉවත් කරගැනීමට සිදුවිය හැකි බව විචාරක මතයයි.

ஆதாரம்: lankacnews.com

வகை பக்கம்

Loading...