රජය යුධ ජය පාවාදීමක් කලා සේ සලකන්න වෙනවා.. | ලංකා සයිබර් නිවුස්

September 16, 2014 9:50 AM

37 0

තමිල් අරසු කච්චි පක්‍ෂයේ 15 වැනි සම්මේලනයේදී සම්මත කරගත් යෝජනා 15 මගින් දෙමළ බෙදුම්වාදයේ ආරම්භක යෝජනා නැවත තහවුරු කෙරෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කලේ එදා යුද්දය පැවති සමයේ සටන් විරාම ගිවිසුම හා තාවකාලික ආණ්ඩුව ඉල්ලා සිටි ආකාරයට අද නව වටයකින් ජාත්‍යන්තර බලය පෙන්වා ප‍්‍රභාකරන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කෙරන බවයි.

එම යෝජනා තුල ස්වයං තීරණ අයිතිය මත සහ බෙදුනු ස්වාධිපත්‍යයක් යටතේ ස්වයං පාලනයක් අවශ්‍ය බවට ඔවුන් ඉල්ලා සිටින අතර එක්සත් රටක් හෝ නොබෙදුනු රටක් යන වචනද ඇතුළු කිරීම මගින් මහ ජනයා නොමග යැවීමට උත්සාහ කරන බවද ඒ මහතා කීය.

එක්සත් රටක් තුල ස්වයං පාලයන් යනු ඕනෑම වෙලාවක වෙන්ව බෙදුම්වාදී ෆෙඩරල් රාජ්‍යයක් ලබා ගැනීම මෙම බෙදුම්වාදීනගේ මූලික අරමුණ බවද කී ඒ මහතා එම අරමුණු වඩුක්කොඩෙයි සාකච්චාවේ සිට ප‍්‍රභාකරන් විසින් ඉදිරියට ගෙන ගිය ස්ථාවරය බවද පැවසීය.

එම කොන්දේසිවලට යටත්ව සාකච්චා සඳහා රජය එකඟ වුවහොත් එය යුධ ජයග‍්‍රහණය පාවාදීමක් සේ සලකන බවද අහමරසේකර මහතා වැඩිදුරටත් කීය.

ஆதாரம்: lankacnews.com

வகை பக்கம்

Loading...