අපේ ශබ්ද කෝෂයේ තියෙන සමහර වචනවල පීඩාකාරීයි | ලංකා සයිබර් නිවුස්

September 16, 2014 10:37 AM

30 0

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නව මාවතකට යොමු කරමින් ඉදිකිරීම් කර්මාන්තකරුවන්, වෘත්තිකයින් සහ ශිල්පීන් එකම වේදිකාවක් තුළ ජාතික වශයෙන් ඇගයීමට ලක්කෙරෙන “ මහාභිමානි ” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල හරහා සීඝ්‍ර වර්ධනයක් කරා එළඹී ඇති ජාතික ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කරන “ ජිව ගුණය නිෂ්පාදනය කෙරෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ “ මහාභිමානී – 2014 ” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලට සමඟාමීව සංවිධානය කරන ලද “ සහයෝගීතා හමුවකට ” ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි. මෙම හමුව කොළඹදී පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ ඕනෑම ක්ෂේත්‍රයක් තුළින් අපේක්ෂා කරන ගුණාත්මක සේවාවක් හා වර්ධනයක් ලබාගැනීමට නම් ජීව ගුණය නැමති සාධකය එම ක්ෂේත්‍රයට ඉතා වැදගත් වෙනවා. අපේ ආරක්ෂක හමුදාවන්ට ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමට ජීව ගුණය නමැති සාධකය ප්‍රධාන වශයෙන්ම ඉවහල් වුණා. එමෙන්ම මෑත ඉතිහාසයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක ප්‍රමාණයකට හිමිකම් කියන, 21%ක් ඉක්මවූ වර්ධන වේගයක් ලබාගෙන ඇති ජාතික ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද ජීව ගුණය නමැති සාධකය අත්‍යවශ්‍ය සාධකයක්. ඉදිකිරීම් ක්ෂේත්‍රය හා බැඳුණු කර්මාන්තකරුවන්, වෘත්තිකයින් හා ශිල්පීන් ඇගයීමට ලක්කිරීම, දිරිගැන්වීම මෙන්ම ප්‍රශස්ත සේවාවක් ඉටුකිරීම සඳහා ඔවුන් තුළ මානසික උද්යෝගයක් ඇති කිරීම තුලින් එම ජීව ගුණය වඩාත් පරිපූර්ණව ලබාදිය හැකි වෙනවා.

ගියවර මහාභිමානී සම්මාන උළෙලේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැළකිල්ලට, ඇගයීමට ලක් නොවූ පෙදරේරු, වඩු කාර්මික යනාදී ශිල්පීන්ව ඇගයීමට ලක්කිරීමට අපට පුළුවන් වුණා. අතිගරු ජනාධිපතිතුමා අතින් සම්මාන ලබන විට එම ශිල්පීන් තුළ පැවති අභිමානවත් බව එහිදී මැනවින් දර්ශනය වුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය කරන්නා වූ ජීව ගුණය නිර්මාණය කරදීමටත් මෙම ක්ෂේත්‍රයේ ඉදිරි වර්ධනයට අවශ්‍ය කරන ගුණාත්මක මානව සම්පත් නිර්මාණය කිරීම සඳහාත් මෙවැනි වැඩසටහන් තුළින් හැකියාව ලැබෙනවා.

නමුත් ඇතැම් මාධ්‍ය ඉදිකිරීම් ශිල්පීන්ව නාමකරණය කරනු ලබන්නේ පැරණි නම්වලින් වීම මෙහි ඇති කණගාටුදායක තත්ත්වයයි. පසුගිය දවසක ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියක්ව ඝාතනයට ලක්වුණා. ඒ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ පින්තාරු ශිල්පියෙක්ව. සමහර සිංහල පුවත්පත් ඒ ශිල්පියා හඳුන්වනු ලැබුවේ තීන්ත බාස් විදිහට. මේ බාස් කියන වචනයත් සමඟ හැදිලා තියෙන හීන මානයක් මේ සමාජය තුළ තියෙනවා. අපේ ශබ්ද කෝෂයේ තියෙන සමහර වචනවල පීඩාකාරී බවක් තියෙනවා. අප ඒ වචන ශබ්ධ කෝෂයෙන් හැලිය යුතු වෙන්නේ ඒවා මානුෂීය නොවන නිසා බව පැහැදිලිව පේනවා.

දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද ඉදිකිරීම් කර්මාන්තය ජයගන්න පිරිසක් බවට මෙරට ඉදිකිරීම් කර්මාන්තකරුවන් පත්කිරීමට මෙන්ම බහුවිධ හැකියාවන්ගෙන් යුත් ඉදිකිරීම් වෘත්තිකයින් නිර්මාණය කිරීම සඳහාත්. ඕනෑම පොළොවක තමන්ට පැවරෙන කාර්ය භාරය මැනවින් ඉටුකළ හැකි පිරිසක් බවට මෙරට ඉදිකිරීම් ශිල්පීන් පත්කිරීමට අවශ්‍ය ශක්තිය මෙම “ මහාභිමානී ” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල මඟින් හිමිවෙනවා ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ඉක්ටෑඩ්) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක්ව “ මහාභිමානි 2014 ” ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

විශිෂ්ටතම ඉදිකිරීම් ආයතන, විශිෂ්ටතම වෘත්තිකයින් සහ විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් යනාදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ “ මහාභිමානි විශිෂ්ටතා” සම්මානයන් ප්‍රදානය කරනු ලබයි.

විශිෂ්ටතම ඉදිකිරීම් ආයතන සහ විශිෂ්ටතම ඉදිකිරීම් වෘත්තිකයින් තෝරාගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. මීට අමතරව විශිෂ්ටතම ඉදිකිරීම් ශිල්පීන් තෝරා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් පැවැත්වෙන මූලික වටයේ තරඟ තුළින් ආරම්භ කෙරේ.

ஆதாரம்: lankacnews.com

வகை பக்கம்

Loading...